26th February 2019 09:24:22 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා හෘද පෙනහළු පණගැන්වීම (Cardiopulmonary Resuscitation) පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් සෙනසුරාදා (23) දින පැවැත්විණි.
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ කිලිනොච්චි ශාඛාවේ එම්. ශ්‍රීකාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සාමාජික සාමාජිකාවන් විසින් පවත්වනු ලැබු මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 13 ක් සහ සෙසුනිලයින් 192 ක් සහභාගි වූහ. Nike shoes | Nike