Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 08:24:22 Hours

කිලිනොච්චි භට පිරිස් හට ‘ අංගම්පොර ’, සම්ප්‍රදායික සටන්කලාව හදුන්වාදෙයි

මාස ගණනාවක් පූරා අංගම්පොර සටන් කලාව පිළිබඳ මනා පුහුණුවක් ලැබු කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් සිකුරාදා (22) දින ප්‍රථමවරට රාවණා රණකෙළි පූජාව නමින් වර්ණවත් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලා ප්‍රදර්ශණයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ඉදිරිපත් කරන ලදි.

ඒ අනුව, වසර ගණනාවක් පුරුදු පුහුණු වූ සම්ප්‍රදායන්ට අනුකූලව, ප්‍රධාන උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම දෙවියන් සඳහා විශේෂ චාරිත්‍ර සිදුකරන ලදී. රිටිගල සිංහක්කාර පෙළපතෙන් කලාවිභූෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බලඇණිවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 55 දෙනෙකු වෙත අංගම්පොර සටන් කලාව පිළිබඳ මනා පුහුණුවක් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහභාගි වූ අතර කිලිනොච්චි භට පිරිස් හට සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව හදුන්වාදීමට ඉදිරිපත්වීම සම්බන්ධව ප්‍රධාන ආරාධිත අමුත්තා කලාවිභූෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා ඇතුළු කණ්ඩායම වෙත සිය ස්තූතිය පුද කළේය. Mysneakers | Nike Shoes, Sneakers & Accessories