26th February 2019 11:24:39 Hours
යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘වනරෝපා’ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංක මූලස්ථානය සෙනසුරාදා (23) දින පරාක්‍රමපුර - වැලිඔය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවනු ලැබීය.
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හා 621 වන බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්‍ෂිකා මෙන්ම සන්නිවේදන සහ තිරසාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ශිරෝමි මාසකෝරාල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ දී මාර්ගය දෙපස කොස්, කජු, දෙළුම් සහ විවිධ පලතුරු පැළ 300 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.
තවද එම අවස්ථාවේදී දේශීය ගොවීන්ගේ ගොවි සංගමේ ගොවීන් 25 දෙනෙකු වෙත වටිනා පැළ 250 ක් බෙදාදුන්හ.
මෙම වැඩසටහන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංක මූලස්ථානය විසින් මෙහෙයවිය. jordan release date | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret