Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 12:24:22 Hours

හොරොව්පතාන ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් දිරිගන්වයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු තවත් සුබසාධන ව්‍යාපෘතියක් ලෙස පසුගිය සෙනසුරාදා (23) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන පරන්ගියවාඩිය විද්‍යාලයේ ඉගෙනුම ලබන තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 100 දෙනෙකු වෙත පාසල් පාවහන් මිලදී ගැනීම සඳහා මුදල් වවුචර් ප්‍රදානය කරනු ලැබීය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා නාවික විද්‍යාපීඨයේ රොෂාන් මාසකෝරාල මහතා ගේ අනුග්‍රාහකත්වය ඇතිව දියත් කරනු ලැබු අතර පසුගිය වසර කිහිපය තුල වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ප්‍රදේශයේ සිසු සිසුවියන් සහ සිවිල් වැසියන් වෙනුවෙන් මෙවැනි සුබසාධන වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කරන ලදී.

පරන්ගියවාඩිය විද්‍යාලයේ දී පාසල් සිසුන් 100 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා මුදල් වවුචර් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා 213 හා 211 වන බලසේනාවන්හි නිලධාරීන්, 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.

මීට ප්‍රථම, පරිත්‍යාගශීලි රොෂාන් මාසකෝරාල මහතා සුහදත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ඉල්ලීමකට අනුව අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 200 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා මුදල් වවුචර් ප්‍රදානය කරන ලදී.Authentic Nike Sneakers | M2k Tekno