Header

Sri Lanka Army

Defender of the Nation

24th February 2019 13:55:57 Hours

යුද්ධ හමුදා යතුරු පැදි ධාවකයින් දෙදෙනෙකුට ජාතික සම්මාන ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සම්මේලනයේ ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ඉරිදා (24) දින මීගමුව, කටුනායක ප්‍රදේශයේ පිහිටි Eagle Lagoon View හෝටලයේ දී පැවැති අතර එහිදි MX 250 CC යුද්ධ හමුදා යතුරුපැදි ධාවකයින් වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් නිහාල් විජේරත්න සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බුද්ධික කසුන් සිල්වා වෙත ජාතික ශූරතා සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩලස් මාර්ටින්ස්ටින් මහතා සහභාගි වූ අතර සම්භාවනීය ආරාධිතයෙකු ලෙස ලෝක ධාවනපැදි ශූරයෙකු වන රෝල්ෆ් ටිබ්ලින් මහතා (Mr. Rolf Tibblin) සහභාගි විය.

තවද මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධම්මික මුතුගල්ල මහතා, සහකාර අධ්‍යක්‍ෂ (ක්‍රීඩා) ආර්.බී. වික්‍රමසිංහ මහතා සහ ව්‍යාපෘති නිලධාරී එස්.පී. ද සිල්වා මහතා සහභාගි වූහ. Adidas shoes | adidas Yeezy Boost 350