24th February 2019 12:55:57 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පසුගිය සිකුරාදා (22) දින දෙල්ගොඩ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් අනුර නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව සමරුඵලකය නිරාවරණය කර විවෘත කිරීමට ද එතුමන්ට ආරාධනා කරනු ලැබීය.
මෙම අවස්ථාවට සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය. කඳවුරු පරිශ්‍රයේ සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව රෙජිමේන්තු අධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය. ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ සංචාරය කල රෙජිමේන්තු අධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.
එදින වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩි.ඒ.කේ. දිසානායක ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. trace affiliate link | Air Jordan