Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2019 14:39:19 Hours

යාපනයේ හින්දු - බෞද්ධ සංස්කෘතික සංගමයේ තරුණ තරුණියන් සිංහල සංස්කෘතිය සහ භාෂාව පිළිබඳ දැනුවත් කෙරේ

සුහදත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යාපනයේ අර්ධද්වීපයේ හින්දු බෞද්ධ සංස්කෘතික සංගම්වලට සම්බන්ධ තරුණ තරුණියන් 300 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා ඉරිදා (24) උදෑසන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සිංහල ආචාර සමාචාර, සම්ප්‍රදායන්, ආගමික චාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, නායකත්වය, ආහාර ගන්නා ආකාරය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මූලික දැනුමක් ලබාදෙන ලදී.

සිංහල භාෂාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර සහභාගි වූ සියලුම තරුණ තරුණියන්ට සිංහල භාෂාව කතා කිරීමට සහ ලිවීමට හැකියාව ඇති නමුත් ඔවුන්ගේ මව් භාෂාව දමිළ වේ.

යාපනය හින්දු බෞද්ධ සංස්කෘතික සංගමයේ ලේකම් එම්.ටී.කේ. රාමචන්ද්‍රන් මහතාගේ සහයෝගය ඇගයුමට ලක් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. මෙම වැඩමුළුව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණු අතර වැඩමුළුවේ දේශන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු යුද්ධ හමුදා විශේෂඥයින් විසින් පවත්වන ලදී. තවද, මෙම වැඩමුළුව සඳහා ගුරුවරුන්, සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගී වූහ. spy offers | Nike