Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2019 17:35:56 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලියේ දී දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයින් බිහිවෙයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ වොලිබෝල් ක්‍රීඩා කෞෂල්‍ය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබු අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලිය - 2019 හී සමාප්ති උත්සවය බදාදා (20) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.

තරඟාවලිය සඳහා 21, 54, 56, 61, 62 සේනාංක සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූහ. මෙවර තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට 54 වන සේනාංක වොලිබෝල් ක්‍රීඩකයින් සමත්වූ අතර තරඟාවලියේ අනුශූරතාවය 56 වන සේනාංක කණ්ඩායමට හිමිවිය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂික මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සහභාගි වූ අතර තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා ද එතුමන් එක්විය.

තවද මෙම අවස්ථාව සඳහා 21, 61, 62 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. affiliate link trace | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf