22nd February 2019 16:35:29 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රාජකාරී, වගකීම් සහ කාර්යභාර්ය පිළිබඳ දැනුවත්වීම සඳහා පෙබරවාරි මස 21 සහ 22 දිනයන්හි සංචාරයක නිරතවිය.
ඒ අනුව, එම බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරය කළහ.
එහිදි, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයන් පිරිනැමු අතර කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කිරීම, භට පිරිස් ඇමතීම සහ අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සඳහා ද එතුමන් සහභාගි විය. Sneakers Store | Nike