12th February 2019 10:55:55 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා දින දර්ශනයේ එක් තරඟකාරී අවස්ථාවක් ලෙස වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ඒකක ටෙනිස් තරඟාවලිය පෙන්වා දිය හැක. එම තරඟාවලිය පෙබරවාරි මස 7 – 11 දින දක්වා විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් කිරීම තුළින් සෙබළුන් අතර සහෝදරත්වය, කණ්ඩායම් හැඟිම සහ එක්සත් භාවය ප්‍රවර්ධනය කිරිමේ අරමුණ ඇතිව පවත්වන ලදි.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ජාතික හා අන්තර් ජාතික මට්ටමේ සැගවුණු දක්ෂතා හදුනාගැනීමට මෙම වාර්ෂික තරඟාවලිය මහොපකාරි විය.
61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඩිසීජේජි තිලකරත්න ගේඅධීක්ෂණය යටතේ 613 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්කේඑන්සි ජයවර්ධන විසින් අන්තර් ඒකක ටෙනිස් තරගාවලිය - 2018 සංවිධානය කිරීම සඳහා බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින්ට උපදෙස් ලබා දුන්හ.
විවෘත, ඒකල හා ද්විත්ව තරඟ වලින් සමන්විත වු මෙම තරඟාවලිය වයස අවුරුදු 40 ක් ඉක්මවු සහ අවුරුදු 40 ට අඩු නිලධාරීන් හා සෙසුනිළයින් නියෝජනය කරමින් ශුරතා කුසලානය සඳහා තරඟ වදින ලදි.
61 වන සේනාංකයේ ක්‍රීඩකයන් වැඩිම ලකුණු ලබාගනිමින් අන්තර් ඒකක ටෙනිස් තරඟාවලියේ ශුරතාවය - 2018 හිමිකරගත් අතර 54 වන සේනාංකයේ ක්‍රීඩකයන් අනුශුරයන් බවට පත්විය.
62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ විසින් 61 වන සේනාංකය සහ 54 වන සේනාංකය අතර පැවැත්වු අවසන් තරඟයේ ජයග්‍රාහකයින් හට කුසලාන හා සහතිකපත් පිරිනමන ලදි.
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසක් සහභාගි වුහ. Asics footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ