12th February 2019 10:55:50 Hours
56 වන සේනාංකය මගින් තුන්වන වරටත් සංවිධානය කරන ලද චාරිකාව සඳහා 56 සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල් 53 ක සාමාජිකයන් 240 දෙනෙකු සහ සිවිල් සේවකයින් ඇතුළත්ව දින හතරක් පුරා පුජනීය ස්ථාන සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වල සංචාරය කරන ලදි.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මුලිකත්වයෙන් 56 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් සංවිධානය කරන ලද මෙම චාරිකාව සඳහා 56 සේනාංකය හා 563 බලසේනා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය ඇතිව සිව් දිනක් පුරා එම පිරිසට අනුරාධපුරය, මන්නාරම, තන්තිරිමලේ සහ තවත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමේ අවස්ථාව හිමිවිය. latest jordans | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ