Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2019 10:55:42 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුන් රාජකාරි අරඹයි.

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරිම සඳහා ඉකුත් සිකුරාදා (8) දින සපැමිණි මේජර් ජෙනරාල් පී. ඩබ්ලිව්. ඩී. කේ. ජයතිලක, එම සේනාංක මූලස්ථානයේදි උණුසුම් අයුරින් පිළිගත් අතර එහිදි එතුමන් වෙත යුද්ධ හමුදා කදවුරු සම්මාන මුරයක් හා සම්මාන අචාරයක් පිරිනමන ලදි.

එතුමන් හට 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් වර්ණවත් සම්මාන ආචාර පෙලපාලියක් පිරිනැමු අතර, අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතු නව සේනාංකාධිපතිතුමන් එහි රැස්ව සිටි සියළු යුද්ධ හමුදා සාමාජිකයින් සමගින් පිලියෙල කර තිබු තේපැන් සංග්‍රය සඳහා ද සහභාගි වන ලදි. latest Nike release | Nike Shoes