Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2019 09:55:01 Hours

අම්බලන්ගොඩ පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශුරතාවලිය යුද්ධ හමුදාවට

46 වන වතාවට පවත්වන ලද සැහැල්ලු පිහිනුම් ශුරතාවලිය (විවෘත) ක්‍රීඩා සමාජ 49 ක් නියෝජනය වන පරිදි තරඟකරුවන් 462 ක් සහ කාන්තා තරඟකාරියන් 66 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් ඉරිදා (10) දින අම්බලන්ගොඩ මුහුදු තිරයේදී පැවැත්විණි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ලකුණු 101 ක් ලබාගනිමින් තරගයේ සමස්ථ ශුරතාව හිමිකරගත් අතර කොළඹ ශාන්ත පීටර් විදුහල් කණ්ඩායම සහ අම්බලන්ගොඩ දේවානන්ද විදුහල් කණ්ඩායම් පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානයන් දිනා ගත්හ.

එමෙන්ම කාන්තා අංශයේ ශුරතාවය ලකුණු 60 ක් ලබාගත් කොළඹ ශාන්ත බ්‍රිජෙට් කන්‍යාරාමය (Colombo St Bridget's Convent) විසින් දිනාගත් අතර දේවානන්ද විද්‍යාලය සහ කොළඹ විශාඛා විද්‍යාලය පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.

එමෙන්ම තරඟාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය හිමිකර ගත් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම ආරක්‍ෂක සේවා කණ්ඩයේ වඩාත්ම කැපවීමෙන් ක්‍රීඩා කළ කණ්ඩායම ලෙසද පිදුම් ලැබීය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු බලකායේ තුවක්කු සෙබළ එච්.ඩි.සි.එච් පෙරේරා විසින් දක්ෂතම ආබාධිත තරඟකරුට හිමි සම්මානය දිනා ගන්නා ලදි. Authentic Nike Sneakers | Nike Air Max 270