Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2019 10:54:02 Hours

යාපනයේදී යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් උතුරේ සහ දකුණේ සිසුන් එක් කරමින් තූර්ය වාදන සංදර්ශනයක් පවත්වයි.

යාපනයේ පාසල් 30 ක සිසුන් 750 දෙනෙකු සහ දකුණ නියෝජනය කරමින් පාසල් සිසුන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන්, සංහිඳියාව හා සහජීවනය ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙන්ම අර්ධද්වීපය තුළ ඓතිහාසික සලකුණක් ඇති කිරීමේ අරමුණින් පෙබරවාරි 7 සිට 9 දින දක්වා දින තුනක් පුරා යාපනය දොරේඅප්පා ක්‍රිඩාංගනයේදී පාසල් ශිෂ්‍යභට කණ්ඩායම් පිළිබඳ දැනුවත් කිරිමේ හා දැනුම ලබාදීම මෙන්ම බටහිර තූර්යවාදන කණ්ඩායම් පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මුලිකත්වයෙන් පුරා දින තුනක් පැවති මෙම සැසිය සඳහා උපදෙස් හා සහය ජාතික ශිෂ්‍යභට බලකායේ උපදේශකවරුන්ගේ මඟපෙන්වීම යටතේ ලැබුණු අතර ඒ සඳහා උතුර හා දකුණ නියෝජනය කරමින් සිසුන් සිය ගණනක් සහභාගී වූහ.

ජාතික ශිෂ්‍යභට බලකායේ උපදේශකවරුන් සහ යුද්ධ හමුදා ශාරීරීක උපදේශකයින් විසින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසි පැවැත්වු අතර දේශන අතරතුරදී සිසුන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

මෙම වැඩසටහනේ අවසන් අවස්ථාව සෙනසුරාදා (9) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආරාධනය මත පැමිණි විශාල ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර විශිෂ්ඨ තූර්ය වාදක සංදර්ශනයකින් අවසන් විය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය නගරාධිපති, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ, යාපනයේ ඉන්දිය ‍කෞන්සිල් ජෙනරාල්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, නිළධාරින් , ත්‍රිවිධ හමුදා සහ පොළිස් සාමාජිකයින්, උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, යාපනය අධ්‍යාපන කලාප කාර්යාලයන් හි අධ්‍යක්ෂවරුන්, මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ, යාපනය උසස් අධිකරණ විනිසුරු, රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරීන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් වර්ණවත් සමාප්ත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටියහ. Best jordan Sneakers | adidas poccnr jumper dress pants size