12th February 2019 10:56:42 Hours
මුලතිව් ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩීකාවන් 310 දෙනෙකු සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු වොලිබෝල් පුහුණු කඳවුරක් සෙනසුරාදා (9) දින ඔඩ්ඩූසුඩ්ඩාන් මහා විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්විය. මේ පුහුණු සැසිය සඳහා පාසල් සහ ක්‍රීඩා සාමාජ නියෝජනය කරමින් කාන්තා හා පිරිමි උපදේශකයින්, ක්‍රීඩා ගුරුවරුන් හා පුහුණු කරුවන් 310 දෙනෙකු සහභාගීවූ අතර මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා පුහුණු උපදේශකයින් ගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත පැවැත්විනි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ මග පෙන්වීම මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස්මත මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කරන ලද අතර, එම සේනාංකය යටතේ ඇති 642 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිනය පුරා පැවති මෙම පුහුණු කඳවුරට සහභාගිවූවන් සඳහා ආහාර පාන සපයනු ලැබීය.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙම පුහුණු වැඩසටහන නැරඹීම සඳහා පැමීණ සිටියහ. Running sport media | UK Trainer News & Releases