Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2019 22:19:46 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පරිපාලන කටයුතු පරික්ෂාවට ලක්කරයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සදුදා (11) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ වාර්ෂික පරිපාලන කටයුතු පරික්ෂා කිරිම සඳහා පැමිණි අතර, මෙය එතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ සිය රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව සිදුකළ ප්‍රථම පරිපාලන පරික්ෂණයද වේ.

අනතුරුව නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළි ගත් අතර, එහිදි 10 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සම්මාන ආචාර පෙලපාලියක් පිරිනමන ලදි. පසුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදු කළ සංචාරය සංකේතවත් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි විසින් එහි අඹ පැලයක් ද රෝපණය කළේය.

පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර එතුමන් විසින්, කාර්යක්ෂම බව ඇති කිරිමට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සමාලෝචනය කිරීමේ වැදගත්කම ගැන එහි සිටි පිරිස දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරුන්, අධ්‍යක්ෂක වරුන් හා මාණ්ඩලික නිළධාරීන්, මෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේනාංකාධිපති වරුන් සහ මාණ්ඩලික නිළධාරීන්ද සහභාගී වූහ. Sportswear Design | Yeezy Boost 350 Trainers