Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2019 10:49:27 Hours

ඉන්දු පැසිෆික් නියෝජිත කණ්ඩායමක් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවෙයි

ඉන්දු පැසිෆික් සහයෝගීතා නායකත්ව නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගුවන් කොමදෝරු රිචඩ් ඩේවිඩ් ඕවන් (Air Commodore Richard David Owen) ඇතුළු නියෝජිත පිරිස ආරක්‍ෂක නෞකාවකින් පසුගියදා දිවයිනට පැමිණි අතර අඟහරුවාදා (05) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවුහ.

ඉන්දු පැසිෆික් කලාපීය අන්තර් ක්‍රියාකාරීත්වය, සහයෝගිතාව සහ හමුදා අන්තර් ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නෞකාවන් දෙකක් ද සමඟින් පැමිණි මෙම ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ඉන්දු පැසිෆික් සහයෝගීතා නායකත්ව කාර්ය සාධක බලකාය, මේ වන විට කොළඹ වරායේ නැංගූරම්ලා ඇත.

මෙම සුහද හමුව සඳහා ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් සීන් අන්වින් (Group Captain Sean Unwin), ලුතිනන් කොමදොරු පිලිප් ගාර්රෙට් (Lieutenant Commodore Phillip Garrett), ආරක්‍ෂක සහායක නිලධාරී ඉයන් එඩ්වර්ඩ්ස් මහතා (Mr Ian Edwards) සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දු පැසිෆික් සහයෝගිතා වැඩසටහනේ ප්‍රධානි වන කෙයිට්ලින් ජෙන්සන් මහත්මිය (Ms Caitlin Jensen) සහභාගී වූහ.

මෙම හමුවේදී ‘හදිසි ප්‍රතිචාර’, ‘ආපදා කළමනාකරණ සහාය’, ‘ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම්’, ‘අන්තර් ක්‍රියාකාරි අවශ්‍යතා’ සහ ‘අනාගතයේ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම’ යන කරුණු පිළිබඳ නියෝජිත පිරිස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සමඟින් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන්ම හදිසි ව්‍යසනයන්හිදී, මෙහෙයුම් හා උපායශිලී මට්ටමේ අණදෙන නිලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රවර්ධනය සඳහා සැලසුම් කිරීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

සුහද හමුව අවසානයේ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සංචාරක නියෝජිතයින් වෙත සමරු තිළිණ ප්‍රදානය කළහ. Sports Shoes | Air Jordan Release Dates 2021 Updated , Gov