Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2019 13:57:08 Hours

ත්‍රිකුණාමය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාල පරිශ්‍රයේ ඉදිකල නව ළමා උද්‍යානය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ශීෂ්‍ය නිලධාරීන් ඇතුළු විදේශීය නිලධාරීන්ගේ ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති ළමා උද්‍යානය එම විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර අඟහරුවාදා (05) දින විවෘත කරන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යාන පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.ඩි. වන්නිආරච්චි සමඟින් නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ‘ජනවිජය’ පෙරපාසලේ ගුරුවරුන්, සිසුන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.Running sport media | AIR MAX PLUS