Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2019 13:12:47 Hours

ගංවතුරෙන් හානියටපත් ක්‍රීඩා පිටිය යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් එම සේනාංකයේ භට පිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ ජලගැලීම්වලින් හානියට පත්වූ කාකතිවු අනාකෝට්ටායි පෙර පාසල් පරිශ්‍රයේ ඇති ළමා උද්‍යානය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලදි.‍

ඒ අනුව, අඟහරුවාදා (5) දින පැවැති ප්‍රතිසංස්කරණය කරන ලද ළමා උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නියෝජනය කරමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහභාගි වූ අතර ළමා උද්‍යානය පෙර පාසල් බලධාරීන් සහ ළමුන් වෙනුවෙන් සමරු ඵලකය නිරාවරණය කරමින් නිල වශයෙන් විවෘත කරන ලදි.

තවද එම අවස්ථාවේදී, යාපනය ආරක්‍ෂක සේනා‍මූලස්ථානය විසින් පෙරපාසල් ළමුන් සඳහා පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් 50 ක් බෙදාදුන්හ.

මෙම අවස්ථාවට තවත් වැදගත්කමක් එක් කරමින් කිරිපිටි, පරිප්පු, ධාන්‍ය වර්ග, සහල් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියළි සළාක පර්සල් 50 ක් මවුවරුන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට බෙදාදෙන ලදි.

ඊට අමතරව, මෙම අවස්ථාවේ දී ආබාධිත කාන්තාවකට සහ පාසල් සිසුවෙකුට රෝද පුටු දෙකක් පරිත්‍යාග කල අතර යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරයන්ට ස්තුතිවන්ත විය.

මෙම උත්සවය සඳහා 51 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පෙර පාසල් ගුරුවරුන්, දෙමාපියන්, සිවිල් වැසියන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැසක් එක්ව සිටියහ.Authentic Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf