Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2019 14:33:28 Hours

ගංවතුරෙන් විපතටපත්වූ කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ සිවිල් වැසියන්ට තවදුරටත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහය 

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත මුරුසමොටේ සහ උරියානි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් පවුල් 41 කට කුකුල් පැටවු 410 ක් බෙදාදීමේ සුභසාධන ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (02) දින එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී කාර්යාලයන්හිදී පැවැත්විණි.  

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ ‘Heart Beat-Building the Future පදනමේ’ අනුග්‍රහකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ව්‍යාපෘතිය දියත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජනප්‍රිය රංගන ශීල්පින් වන වීනා ජයකොඩි සහ සේමිණි ඉද්දමල්ගොඩ යන මහත්මින්, අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මීට අමතරව, ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමණාකරන අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම ඒකාබද්ධව දියත් කරන ලද ‘සෙනෙහෙ සියපත’ සුභසාධන ව්‍යාපෘතියට අනුව කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් 15 ක අධ්‍යාපනය හදාරණ ගංවතුරෙන් පීඩාවට පත් පාසල් බලධාරීන් සහ අදාළ ග්‍රාම නිලධාරීන් විසින් තෝරාගනු ලැබු පාසල් සිසුන් 3934 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් ජනවාරි මස 30 – 31 සහ පෙබරවාරි මස 01 වන දින බෙදාදෙන ලදී.

එමෙන්ම, ගංවතුරෙන් විපතට පත්වූ කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පසුගිය සති කිහිපය තුළ රුපියල් මිලියන ගණනක් වටිනා පාසල් උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බෙදාදෙන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පරිත්‍යාගශීලින් රැසක් එක්ව සිටියහ. Best Nike Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival