Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2019 09:44:16 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ළමා නිවාසයකට ආහාරවේලක් සපයයි

71 වන නිදහස් දිනය නිමිත්තෙන් මූලතිව් ආරක්‍ෂක සේනා‍මූලස්ථානය යටතේ ස්ථාපිත 68 සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය සෙනසුරාදා (02) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉනියා වාෂ්වූ ඉල්ලාම් ළමා නිවාසයේ (Home for Happy Living) නේවාසික විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 53 දෙනෙකුට වි‌ශේෂ ආහාරවේලක් ලබාදුන්හ.

මෙම ළමා නිවාසයේ නේවාසික දෘෂ්‍යාබාධිත සහ දෙමාපියන් නොමැති අසරණ දරුවන් වෙනුවෙන් 68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෑම සෙනසුරාදා දිනයකම ආහාර ලබාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම විශේෂ අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් ආරියසිංහ, 682 බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිළයින් රැසක් සහභාගි වුහ. Best Authentic Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!