Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2019 23:30:05 Hours

පාපැදි ධාවකයින්ට යුද්ධ හමුදාවේ සහය

71 වන නිදහස් දිනයට සමගාමීව ‘ජීවිතයේ සුව විඳින්න - පාපැදි පදින්න’ යන තේමාව ඔස්සේ ටි.එච්. පීරිස් මහතා විසින් ආරම්භ කරන ලද නව හදුන්වාදීමේ ව්‍යාපෘතිය තවත් පාපැදි ධාවකයින් 06 දෙනෙකු සමඟ එක්ව දිවයින වටා වෙරළ තීරයේ පාපැදියෙන් ගමන් කිරීමේ අභීයෝගාත්මක ගමනේ තවත් එක් අධියරක් කිලිනොච්චි ප්‍රදේශයේ දී ජනවාරි මස 30 වන දින අවසන් වූ අතර එහිදි 65 සහ 66 වන සේනාංකයන්හි සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාපැදි ධාවකයින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඒ අනුව, සේනාංක මූලස්ථානයන්හිදී පාපැදි ධාවකයින් සාදරයෙන් පිළිගෙන ඔවුනට අවශ්‍ය ආහාරපාන වලින් සංග්‍රහ කරන ලදී. අනතුරුව, බ්‍රහස්පතින්දා (31) දින 57 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශයේ දී පාපැදි ධාවකයින් උණුසුම් අයුරින් පිළිගෙන ආහාරපාන ලබාදුන්හ. තවද පාපැදි ධාවකයින් කිලිනොච්චි දිස්ත්‍රික්කය පූරා සංචාරය කිරීමේදී යුද්ධ හමුදා පාපැදිකරුවන් ඔවුන් දීරිමත් කරමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ. bridge media | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ