Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2019 23:28:40 Hours

වන්නි ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් පාසල් සිසුන් 300 කට පාවහන් මිලදීගැනීමට මුදල් වවුචර් ප්‍රදානයක්

වන්නි ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය හදාරණ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නගා සිටුවීමට අඛණ්ඩ සහයෝගය ලබාදීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මුලිකත්වයෙන් බදාදා (23) දින වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට මැදවච්චිය, ශ්‍රී සෝභිත මහා විද්‍යාලය සහ කීරිගල්ලෑව මහා විද්‍යාලය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව, පාසල් පාවහන් මිලදීගැනීම සඳහා මුදල් වවුචර් ප්‍රදානය කළහ.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික කාර්ය මාණ්ඩලයේ රොහාන් මාසකෝරාළ මහතාගේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව රුපියල් 300,000/= ක වටිනාකමින් යුතු පාසල් පාවහන් මිලදීගැනීම සඳහා වූ වවුචර්පත් 300 ක් ව/කලුකුන්නම්මඩුව විද්‍යාලය, අ/ශ්‍රී සෝභිත මහා විද්‍යාලය, අ/කීරිගල්ලෑව මහා විද්‍යාලය, ව/ක්‍රිස්තරයාකුලම් මහා විද්‍යාලය, ව/නෙළුක්කුලම් කාලී මගල් විද්‍යාලය, ව/සෙත්තිකුලම් මහා විද්‍යාලය, ව/මැණික් ෆාම් විද්‍යාලය, ව/මරධම්මඩුව මහා විද්‍යාලය, ව/ලෝගේෂ්වර විද්‍යාලය, ව/වීරපුරම් මානිවර මහා විද්‍යාලය, ව/මුතියාරකුලෙහි අරසාමි දමිළ විද්‍යාලය, ව/කරකකලපුඩුකුලම් විද්‍යාලය, ව/මනියාර්කුලම් විද්‍යාලය, ව/කාක්කන්කුලම් මහා විද්‍යාලය, ව/මුහුන්තම්කුලම් මහා විද්‍යාලය, ව/ගාමිණි මහා විද්‍යාලය සහ මාන්/මුලලිකුලම් රොනු කතෝලික විද්‍යාලයේ ඉගෙනුම ලබන තෝරාගනු ලැබූ සිංහල, දමිළ සහ මූස්ලිම් සිසුන් වෙත පිරිනමන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත පරිත්‍යාගශීලින් ගේ සහයෝගය ඇතිව දියත් කරන ලදී. තවද මෙම අවස්ථාව සඳහා 2 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකායේ අණදෙන නිලධාරීණිය ඇතුළු ප්‍රතිලාභි සිසුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ. Running sneakers | FASHION NEWS