Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2019 23:42:54 Hours

55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය නගර්කෝවිල් විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය විසින් කොළඹ කොටුව 306/සී සිංහ සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් යාපනය නගර් කෝවිල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 218 දෙනෙකු වෙත රුපියල් ලක්‍ෂ කිහිපයක වටිනාකමින් යුතු පාවහන්, පාසල් උපකරණ, කබඩ්, පුටු, පුස්තකාල පොත්, ගුරු මේස ඇතුළු අධ්‍යාපනික උපකරණ රැසක් සෙනසුරාදා (02) දින එම විද්‍යාල පරිශ්‍රයේ පැවැති උත්සවයකදී බෙදාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස සිංහ සමාජය විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකරන ලදී. යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින්ට සමගාමීව මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා, සිංහ සමාජයේ සාමාජිකයින් සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමඟින් එක්ව පාසල් බලධාරීන්ට සහ පාසල් සිසුන්ට මෙම පාසල් උපකරණ බෙදාදෙන ලදී. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ සිංහ සමාජයේ සාමාජිකයින් පාසල් සිසුන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පාසල් තුර්යවාදක කණ්ඩායම පෙරටුකරගත් පෙරහැරකින් ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී. trace affiliate link | Mens Flynit Trainers