Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2019 21:52:57 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් නව නිවසක් ඉදිකරයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය (SLAC-SVU) එක්ව 2017 වර්ෂයේ දී අලි ප්‍රහාරයකට ලක්ව නිවස විනාශයට පත්වූ වැලිඔය ප්‍රදේශයේ පදිංචි 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නියුතු ලාන්ස් කෝප්‍රල්වරයෙකු වෙත නව නිවසක් ඉදිකර දෙන ලදී.

මෙම රණවිරුවා දරුවන් 9 දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් තිදෙනෙකු සසුන්ගත කර ඇත. මෙම ර ණවිරුවාගේ නිවස වල් අලියෙකු විසින් කඩා බිඳදමා ඇති බව මාධ්‍යයන්හි පලවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය ඒ පිළිබඳ අවධානයක් යොමු කල අතර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය රුපියල් මිලියන 1.45 ක මුදලක් වැය කරමින් නව නිවසක් ඉදිකරදීමට පියවර ගන්නා ලදි.

ඒ අනුව‍, රණවිරුවා පත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් නව නිවස ඉදිකර ඉරිදා (24) දින පැවැති උත්සවයක දී විවෘත කළහ.

මේ අතර, නිවස විවෘත කිරීමේ උත්සවයේ දී රුපියල් 35,000/= ක් වටිනා කෑම මේසයක් ඇතුළු පුටු 06 ක් සහ රුපියල් 25,000/= ක් වටිනා තවත් පුටු කට්ටලයක් මෙන්ම නිවසෙහි මුළුතැන් ගෙයට අවශ්‍ය කරන විදුලි උපකරණ රැසක් නිවාසලාභීන් වෙත ප්‍රදානය කළහ.

තවද, එම අවස්ථාවේදී නව නිවස ඉදි කරන ලද 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය ඇගයුමට ලක් කරමින් සංකේතාත්මකව ත්‍යාග පිරිනැමීම ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ශිරෝමි ලියනගේ මහත්මිය සහභාගි වූ අතර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. buy shoes | Womens Shoes Footwear & Shoes Online