Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2019 21:49:35 Hours

57 වන සේනාංකයේ දී කෘෂිකර්ම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් මී මැසි පාලනය පිළිබඳ පුහුණු කෙරේ

කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අතිරේක ආදායමක් උපයා ගැනීමට මෙන්ම ඔවුන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් ප්‍රාදේශීය කෘෂිකාර්මික නිලධාරීන් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු මී මැසි පාලනය පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (29) දින උදෑසන 57 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහනේ දේශන ‘බිගු සම්පත් සුරකිමු᾿ සංගමයේ තිස්ස බණ්ඩාර තම්බාවිට මහතා සහ සුරංග ජයරත්න මහතා විසින් පවත්වන ලදී.

කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වලට විකල්ප ආදායම් මාර්ගයක් ලෙස, මී මැසි පාලනය ආරම්භ කිරීම සඳහා උනන්දුවක් දක්වන සිවිල් වැසියන්ට උපදෙස් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය. Nike Sneakers Store | nike fashion