Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2019 08:23:51 Hours

නව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. රාජකරුණා සඳුදා (21) දින පැවැති කෙටි උත්සවයකදී සිය ධුරයේ රාජකාරී භාරගන්නා ලදී. මීට ප්‍රථම, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ශාන්ත තිරුනාවුකරුසු පසුගියදා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්. රාජකරුණා නව ධූරයේ රාජකාරී ඇරඹීය.

නව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනාවේ ආශීර්වාද මධ්‍යයේ සිය කාර්යාලයේ දී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ. Asics footwear | FASHION NEWS