Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2019 21:49:04 Hours

මඩකලපුව ශාන්ත මිචෙල් විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් නිමාවෙයි

මඩකලපුව ශාන්ත මිචෙල් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අනුර ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (29) දින පැවැත්විණි.

මෙම අවස්ථාවට මඩකලපුව, අගරදගුරු පූජ්‍ය ආචාර්ය ජෝසෆ් පොන්නයියා සහ නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්.කේ.එම්. මන්සුර් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ.

මෙහිදි කැපීපෙනෙන දක්‍ෂතා දැක්වූ ජයග්‍රාහික ක්‍රීඩකයින් හට සුභපැතුම් එක්කරමින් කුසලාන සහ සහතිකපත් පිරීනැමීම ද ආඥාපතිතුමන් විසින් සිදු කෙරිණි. එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා සිසුන් අමතමින් ඔවුන් සියලුදෙනා ඇගයුමට ලක්කල අතර ප්‍රදේශයේ සාමය හා සහජිවනයට දායකවීමට ඔවුන් දිරිමත් කළහ.

අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත කෘතවේදී සංකේතයක් ලෙස විදුහල්පතිතුමන් විසින් සමරු සිහිවටනයක් ද ප්‍රදානය කළහ.

මෙම උත්සවය ආඥාපති විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සහ පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි. jordan Sneakers | Nike