Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2019 21:44:52 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් ‘සමාජ සාරධර්ම’ පිළිබඳ දැනුවත් කෙරේ

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා ‘සමාජ සාරධර්ම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බදාදා (30) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදි 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රසික ගුණසේන විසින් හරවත් දේශනයක් සිදුකල අතර දේශනය සඳහා නිලධාරීන් 100 කට අධික පිරිසක් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත සහභාගි වූහ.

තවද, මෙම දේශනයේ දී ‘සමාජ සාරධර්ම’, ‘භෝජනාගාර පිළිවෙත’, ‘ඇඳුම් පිළිවෙත’, සහ ‘පෞද්ගල සෞඛ්‍ය පුරුදු’ ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී. Nike Sneakers | Air Jordan 1 Mid - Collection - Sb-roscoff