Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2019 18:08:37 Hours

‘එස් 5 සංකල්පය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 20 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සඳහා, එස් 5 සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අ‍‍ඟහරුවාදා (29) දින පැවැත්විණි.

එස් 5 සංකල්පය පිළිබ‍ඳ පැවැති මෙම දේශනය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අමිල අතුකෝරළ මහතා සහ ඉනෝකා දිල්හානි තිසේරා මහත්මීය විසින් මෙහෙයවනු ලැබීය.

දේශන සැසිය අවසානයේ දේශකයින් වෙත ඔවුන්ගේ සේවය අගයමින් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි. best Running shoes brand | Zapatillas de running Nike - Mujer