Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2019 10:36:24 Hours

සංඥා බලකා ක්‍රීඩකයින් සහ මලල ක්‍රීඩකයින් දැනුවත් කිරීමේ දේශයනයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය සහ ක්‍රීඩා කෞෂල්‍ය ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද වැඩමුළුවක්, යුද්ධ හමුදා මුයිතායි කමිටුව සහ අනුරාධපුරයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුවේ සම්බන්ධතාවයෙන් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකා මුයිතායි කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් හා ශ්‍රී ලංකා සංඥා බලකායේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉලක්ක කරගත් මෙම සැසිය 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (22) දින පවත්වන ලදී.

මෙහිදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කපිතන් ඕ.ඩී.එස්.කේ. රූපසිරි විසින් සහභාගී වූ පිරිස සඳහා හරවත් දේශන පවත්වන ලදී. සැසිවාරයේ අවසානයේදි දේශන පැවැත්වීම සඳහා පැමිණි දේශකයා ඇගයුමට ලක්කරමින් 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී තුමන් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. Running sport media | Sneakers