30th January 2019 12:36:24 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවන ලද ළමා අපචාර හා කාන්තා හිංසනය වලක්වාගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් පසුගිය සඳුදා (28) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පූජ්‍ය කඳුරුවෙල ධර්මපාල ස්වාමින් වහන්සේ, පොළොන්නරුව පොලිස් කොට්ඨාශයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එල්.ඩී. සංජීවනි මහත්මීය, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඊ.එම්.අයි. ඒකනායක සහ තවත් සම්පත් දායකයින් කිහිපදෙනෙකු විසින් මෙම වැඩමුළුව මෙහෙයවූ අතර එහිදි ආගම, සමාජය, සදාචාරය, ආචාර ධර්ම, නීතිය බලාත්මක කිරීම, ලිංගික අපයෝජන, දෙමාපිය රැකවරණ ආදී විවිධ ගැටළු රාශියක් සාකච්ඡාවට භාජනය විය. affiliate tracking url | Nike nike dunk high supreme polka dot background , Gov