29th January 2019 10:08:37 Hours
කෑගල්ල, පින්නවල මධ්‍යම මහා විද්‍යාලයේ ආදී ශීෂ්‍ය යුද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් එම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා සංවිධානය කරන ලද නායකත්ව පුහුණු වැඩමුළුවක් යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත මින්නේරිය ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු පුහුණු පාසලේ දී ජනවාරි මස 26 සහ 27 දිනයන්හි පවත්වන ලදී.
මෙම නායකත්ව පුහුණු වැඩමුළුව සඳහා එම විද්‍යාලයේ සිසු සිසුවියන් 80 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකු සහභාගි වූ අතර එහිදි සිසු සිසුවියන් තුළ නායකත්වය, පෞද්ගලික සංවර්ධනය, කුසලතාවන් සහ අභියෝගයන් සඳහා නිවැරදිව මුහුණ දියයුතු ආකාරය පිළිබඳව මනා දැනුමක් ලබාදෙනු ලැබීය. Adidas footwear | NIKE