Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2019 12:08:12 Hours

‘වෘත්තීය ව්‍යුහය සහ වෘත්තීය පරීක්‍ෂණ’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානය විසින් කාණ්ඩ තුනක් යටතේ සංවිධානය කරනු ලැබු ‘වෘත්තීය ව්‍යුහය සහ වෘත්තීය පරීක්‍ෂණ’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ජනවාරි 22 දින සිට 24 දින දක්වා එම මූලස්ථානයේ දී පැවැත්විණි.

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සි.එස්. ඇටිපොළ ගේ සංකල්පයකට අනුව සියලු ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘වෘත්තීය ව්‍යුහය සහ වෘත්තීය පරික්‍ෂණ’ පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.

මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ඒකකයන්හි වෘත්තීය පරීක්‍ෂණ පැවැත්වීමේ දී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව නිරීක්‍ෂණය වී ඇති අතර ඒ පිළිබඳ විෂයභාර නිලධාරී සහ විෂයභාර ලිපිකරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වන ලදි.

මෙම වැඩමුළුව අදාළ ක්‍ෂේත්‍රයෙහි සෑම අංශයක්ම ආවරණය වන පරිදි පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සහ විධිවිධාන, යුද්ධ හමුදා මූලස්ථාන විධායක ජෙනරල් ශාඛාව සහ වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සපයන ලදී.

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සහ යුද්ධ හමුදාවේ සම්පත් දායකයින්ගේ සහයෝගය ඇතිව දින 3 ක් පුරා පැවැත්වූ මෙම වැඩමුළුවේ දේශන, භකාස අණසක මුලස්ථානයේ සහ වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් පවත්වන ලදී. Authentic Sneakers | adidas