Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2019 14:45:59 Hours

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිල උසස් කෙරේ

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල කපිතන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ පොල්පිතිගම, තලකොලවැව ප්‍රදේශයේ පදිංචි 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල කෝප්‍රල් එස්.එස්. විජේකුමාර, ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත මේජර් සහ සැරයන් නිලයන් සඳහා උසස් කර ඇත.

මෙම නිල උසස් කිරීම පිළිබඳව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් බදාදා (30) දින නිකුත් කරන ලද නිවේදනයන්හි සඳහන් වේ. Best jordan Sneakers | Yeezy Boost 350 Trainers