Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2019 20:11:54 Hours

වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නැවත පදිංචි කල ගම්වාසීන්ගේ වන්දනා කටයුතු උදෙසා නව විහාරස්ථානයක් ඉදිකරති

වන්නි ප්‍රදේශයේ නැවත පදිංචිව සිටින සැළලිහිණිගම සිවිල් වැසියන්ට වන්දනා මාන කිරීමට මෙන්ම බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා හට වැඩවාසය කිරීම සඳහා නව විහාරස්ථානයක් ඉදිකිරීම වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු අතර, ඉදිකිරීම් අවසානයේ එම විහාරස්ථානය මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම, දුරුතු පූන් පොහෝදින සිදු කරන ලදී.

ඉතා අබලන් තත්ත්වයට පත්වූ ආරාමයක වැඩවාසය කරනු ලබන භික්ෂුණින් වහන්සේලා පිරිසක් පිළිබඳ පසුගියදා ප්‍රදේශයේ සංචාරයක් සිදු කල මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, මෙම සංචාරයෙන් පසු මේජර් ජෙනරාල් පෙරේරා විසින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ දිමුතු තෙන්නකෝන් මහතා ඇතුළු ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් බෞද්ධ භික්ෂූණින් වහන්සේලා උදෙසා මෙන්ම එම ප්‍රදේශයේ බෞද්ධ බැතිමතුන්ට ආගමික වතාවත් සිදුකිරීම සඳහා මෙම විහාරස්ථානය ඉදිකිරීමට අවශ්‍යය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලදී.

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය ගේ සම්බන්ධතාවයෙන් චමත් අබේගුණවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ ඉනෝකා මහත්මිය මෙන්ම රාමනායක මෝටර්ස්හි අශෝකා රාමනායක මහත්මිය ඇතුළු පිරිසගේ ආධාර උපකාර ඇතිව සති කිහිපයක් ඇතුලත චෛත්‍ය රාජයානන් වහන්සේ, බෝධි මළුව සහ විහාර මන්දිරයකින් සමන්විතව මෙම නව විහාරස්ථානය ඉදි කෙරුණු අතර එය ශ්‍රී සුදර්ශනාරාම විහාරය ලෙසින් නම් කෙරිණි.

විහාරස්ථානයේ සියළු වැඩ නිමකොට ඉරිදා (20) දිනට යෙදුණු දුරුතු පුන් පොහෝදින චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම, ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සහ බුද්ධ මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටම්පිටිය , පරිත්‍යාගශීලීන් , වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහ යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව, නවතමයෙන් ඉදිකරනු ලැබු ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන භූමියේ දී භික්ෂු භික්ෂූණීන් වහන්සේලා සියළුදෙනා වෙනුවෙන් දානමය පිංකමක් පවත්වනු ලැබු අතර එම අවස්ථාව සඳහා සහභාගීවු ප්‍රදේශවාසීන් 1000 ක් පමණවූ පිරිසට ද දිවා ආහාරයෙන් සංග්‍රහ කළහ.jordan release date | Nike nike dunk high supreme polka dot background , Gov