Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2019 13:08:37 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව දකුණේ පරිත්‍යාගශීලින්ගෙන් යාපනයේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණයෙන් දකුණේ පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව යාපනය අර්ධද්වීපයේ පාසල් දෙකක අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් බෑග්, ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ අඩංගු පාර්සල් 50 ක් ඉරිදා (27) දින බෙදාදෙන ලදී.

ඒ අනුව, අරියාලේ නැගෙනහිර පිහිටි ෂන්මුගා පෙර පාසලේ සහ යා/පොම්පුකර් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ අධ්‍යපනය හදාරණු ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙලෙස පාසල් උපකරණ ලැබුණු අතර, ආධාර බෙදාදීමේ උත්සවය පරිත්‍යාගශීලින්ගේ සහභාගීත්වයෙන් පොම්පුකර් ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය සඳහා පරිත්‍යාගශීලින් වන සනත් වීරසිංහ මහතා සහ මුදිතා වීරසිංහ මහත්මීය සමඟින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී කර්නල් රුවන් හේරත්ගේ සහභාගී වූහ.

තවද මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්‍, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාසල් දෙකෙහිම ගුරුවරුන් සහ සිසුන් මෙන්ම දෙමාපියන් ද සහභාගි වූහ. url clone | adidas NMD Human Race