Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2019 10:01:32 Hours

තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

කාකතිව් මුත්තරමිල් පෙර පාසලේ, වඩ්ඩු හින්දු විද්‍යාලයේ සහ යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන් 130 දෙනෙකු ගුරුවරුන් සහ දෙමාපියන් සමගින් සිකුරාදා (25) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ අතර එහිදි ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයන ලදී.

ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස සඳහා අවශ්‍ය ආහාරපාන සහ මාර්ගෝපදේශනය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ලබාදුන්හ. මේ වන විට පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩිවී ඇති අතර එලෙස පැමිණෙන සියලු සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පියවර ගෙන ඇත. Sports News | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf