27th January 2019 22:11:51 Hours
ඉන්දිය සාම සාධක හමුදාව විසින් ශ්රි ලංකාවේ දියත් කරන ලද සාම සාධක මෙහෙයුමේ දී දිවි පිදු සෙබළුන් සිහිපත් කිරීමේ විශේෂ සැමරුම් උත්සවයක් 70 වන ඉන්දිය ජනරජ දිනයට සමගාමීව පසුගිය සෙනසුරාදා (26) දින යාපනය පලාලි හිදී පැවැත්විණි.
දිවිපිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබළුන් අනුස්මරණය කරනු පිණිස පලාලි හී පිහිටි ඉන්දිය සාම සාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවාචාර පුද කිරීම සඳහා යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්රන් මහතා සමඟින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්රිගේඩියර් අජිත් ඇල්වත්ත මෙම අවස්ථාවට සහභාගි වූහ.
අනතුරුව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිනමා ශාලාවේ දී පවත්වනු ලැබු ඉන්දියානු සම්ප්රදායානුකූල සංස්කෘතික වැඩසටහනක් නැරඹීම සඳහාද ඉන්දිය මහ කොමසාරිස්වරයා ප්රමුඛ යුද්ධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. bridgemedia | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK