28th January 2019 14:08:12 Hours
සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනය සඳහා කොන්ත්‍රාත්කරුවන් විසින් සපයනු ලබන මත්ස්‍ය වර්ග නිසි ප්‍රමිතියකින් යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ලබාදෙනු පිණිස සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩමුළුවක්, පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් පසුගිය දිනයක පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්‍ෂ කර්නල් ඉරෝෂ් වනිගසේකර ගේ ආරාධනයකට අනුව පසු අස්වනු තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජීවිකා ගනේගමආරච්චි මහත්මිය සහ සමුද්‍ර විද්‍යා සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මහේන්ද්‍ර ජයතිලක මහතා සහභාගි වූහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු මෙම දේශණය, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ද ජනවාරි මස අවසන් සතියේ පවත්වන ලදී.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 62 ක් සහ සෙසුනිලයින් 138 ක් දැනුවත් කිරීම සඳහා මෙම දේශනයන් සඳුදා (21) දින පනාගොඩ දී පවත්වන ලදී. තවද, අඟහරුවාදා (22) දින මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ද මෙම දේශන පවත්වන ලද අතර ඒ සඳහා නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයින් 83 දෙනෙකු සහභාගි වූහ.
මෙම දේශන වැඩසටහන සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ පරිභෝජනය සඳහා ගුණාත්මක මත්ස්‍ය වර්ග මිලදී ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලදී. Sport media | THE SNEAKER BULLETIN