26th January 2019 14:01:32 Hours
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලා අංක - 23 යටතේ පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යාන්ත්‍රික අංශය පිළිබඳ ඉගෙනීම සඳහා බ්‍රහස්පතින්දා (24) දින දඹුල්ල ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.
යාන්ත්‍රික පාබල රෙජමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ශිෂ්‍ය නිලධාරීන් සහ උපදේශක නිලධාරීන් යාන්ත්‍රික පාබල රෙජමේන්තු මධ්‍යස්ථානයේ වැඩබලන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස්. පැරකුම් විසින් උණුසුම් අයුරීන් පිළිගැනීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වගකීම් හා කාර්යභාර්ය පැහැදිලි කරදුන්හ.
මෙහි සපැමිණි නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, මේජර් අසංක විමලවීර විසින් පවත්වන ලද ඉදිරිපත් කිරීමක් මගින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කාර්යභාර්ය සහ යුද්ධ හමුදාවේ වැදගත්කම පිළිබඳ පුළුල් විස්තරයක් සිදුකරමින් දැනුවත් කළහ.
අනතුරුව, සංචාරක නාවික හමුදා ශිෂ්‍ය නිලධාරීන් පිරිස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සන්නද්ධ රථ සහ සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්ය නිරීක්‍ෂණය කරන ලදී.
මෙම සංචාරය අවසන් කරමින් ශිෂ්‍ය නිලධාරීන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයට සිය ස්තූතිය පුද කළහ. spy offers | シューズ