Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2019 16:00:00 Hours

ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් දෙදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනා මැතිතුමන් විසින් ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් දෙදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස්කර ඇති බව බ්‍රහස්පතින්දා (24) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන්වේ.

ඒ අනුව, කිලිනොච්චි පිහිටි 65 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මෙලෙස 2019 ජනවාරි මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

තවද 12 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජි.ඩබ්ලිව්.ඩි.කේ. ජයතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ද මෙලෙස 2019 ජනවාරි මස 29 වන දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

නව උසස්වීම් ලැබු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේ දී විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. Best Sneakers | Men's Footwear