Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2019 14:15:18 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදිකරනු ලැබු නිල නිවාස සංකීර්ණය කර්නල් සේනාවිධායකතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම හිටපු විනයාරක්‍ෂකාධිපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි සිරිසේන 2018 දෙසැම්බර් මස 26 වන දින කුඩාවැව ගල්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරතවිය.

මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි සිරිසේන 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පරිශ්‍රයේ සිදු කල සංචාරයේ දී එම ඒකකයේ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු නේවාසික නිවාස සංකීර්ණය විවෘත කරන ලදී. මීට සමගාමීව එදිනම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය විසින් අනුරාධපුර ‘අභිමන්සල - 1’ හී නේවාසිකව ප්‍රතිකාර ලබන අබාධිත රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් ප්‍රදානය කිරීමක් ද සිදුකරන ලදී. Authentic Nike Sneakers | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD