Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2019 22:41:59 Hours

යුද්ධ හමුදා නිල නිවාස සංකීර්ණ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන්ගේ නිරීක්‍ෂණයට

මුත්තුවෙල් සහ නාරහේනපිට යුද්ධ හමුදා නිල නිවාස සංකීර්ණයන්හි දැනට සිදුකරමින් පවතින සංවර්ධන ව්‍යාපෘතින් පිළිබඳව සොයා බැලීම සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන බදාදා (16) දින සංචාරයක නිරත වූ අතර එහිදි පදිංචිකරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සමුළු නිවාස, මැනිං ටවුන්, කැන්දලන්ද, කොහුවල, ඇන්ඩර්සන් මහල, කාකදූපත, පිටිපන, පනාගොඩ, රුක්මල්ගම, මත්තේගොඩ සහ පානලුව ඇතුළු කොළඹ සහ පනාගොඩ ප්‍රදේශයන්හි නිවාස සංකීර්ණයන් ප්‍රමුඛත්වයක් මත අදියර දෙකක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉඩම් දේපළ සහ භට නිවාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා වෘත්තීය සෙබලුන් 150 කට අධික පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සමගින් මෙම සංචාරය සඳහා ඉඩම් දේපළ හා භට නිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රත්නසිරි දයානන්ද, 1 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආසිරි මුහන්දිරම්ගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම සංචාරයේ දී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර, ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලී සිටින යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු ඉංජිනේරු සෙබලුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ විමසා සිටියහ. url clone | UOMO, SCARPE