Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2019 22:58:31 Hours

58 වන සේනාංකය සිය 10 වන සංවත්සරය සමරයි

ගාල්ල බූස්ස ප්රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සරය එම කදවුරු පරිශ්රය තුළ යුද්ධ හමුදා සම්ප්රදායනුකූලව උත්කර්ෂවත් අයුරින් බ්රහස්පතින්දා (3) වන දින සමරනු ලැබීය.

මෙහිදි 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා හට එම සේනාංකයේ භටපිරිස් විසින් කඳවුරු සම්මාන ආචාර මුරයක් සහ ආචාර පෙලපාලියක් පිරිනැමු අතර, අනතුරුව පැවති සියළු නිළ බෝජන සංග්රහායෙන් පසු උත්සවය නිමාවට පත්විය.

එමෙන්ම සංවත්සරය වෙනුවෙන් එම සේනාංකයේ සියළු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සිකුරාදා (4) දින සවස සංගීත ප්රසංගයක් පවත්වනු ලැබීය.

මෙම සංවත්සර දිනයට පෙර සීනිගම දේවාල පරිශ්රයේදි බෝධිපූජාවක් පවත්වමින් සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ලබාගත්හ.Best Nike Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ