Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2019 09:56:52 Hours

58 වන සේනාංකයේ දී විවිධ හැකියාවන් ඇති කාන්තාවන් හට පුහුණු වැඩමුළුවක්

58 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගාල්ල දිස්ත්‍රිකයේ සමානාත්මතාවය පදනම් කරගත් ප්‍රජා සහ පුහුණු මධ්‍යස්ථානයේ හි විවිධ හැකියාවන් ඇති කාන්තාවන් සඳහා සංවිධානය කළ එක්දින ත්‍රාසජනක පුහුණු වැඩමුළුවක්, 2018 දෙසැම්බර් මස 28 දින බුස්ස 58 වන සේනාංක පරිශ්‍රයේ දී පවත්වන ලදි.

සමානාත්මතාවය පදනම් කරගත් ප්‍රජා සහ පුහුණු මධ්‍යස්ථානයේ බලධාරින් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස 58 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

මෙම වැඩමුළුව සඳහා විවිධ හැකියාවන් ඇති කාන්තාවන් 20 දෙනෙකු සහභාගි වු අතර එහිදි අභියෝග වලට මුහුණ දීම සහ ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම සඳහා ඔවුන් පුරුදු පුහුණු කරන ලදි.

58 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සමානාත්මතාවය පදනම් කරගත් ප්‍රජා සහ පුහුණු මධ්‍යස්ථානයේ සාමාජිකයින් ඇතුළු පිරිසක්ද මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ. latest jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov