Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2019 23:00:31 Hours

තවත් දමිළ තරුණයින් දෙදෙනෙකු සඳහා යුද්ධ හමුදා රැකියා අවස්ථාවන්

කිළිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකය යටතේ ක්‍රියාත්මක ‘විවිධ රැකියා සඳහා දෙමළ තරුණ තරුණියන් බඳවා ගැනීම’ යන ව්‍යාපෘතිය යටතේ කිළිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත දෙමළ තරුණයින් දෙදෙනෙකු යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධක්‍ෂක මණ්ඩලයේ සිවිල් සාමාජිකයින් ලෙස බදවාගන්නා ලද අතර, සිකුරාදා (4) දින 57 සේනාංක මුලස්ථානයේදී ඔවුන් වෙත පත්වීමි ලිපි භාරදෙනු ලැබීණි.

57 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ඔවුන්ගේ පත්වීම් ලිපි භාර දුන් අතර, ඔවුන් කිලිනොච්චිය බල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ඒකකයන් හි රාජකාරීන් ආරම්භ කිරිමට පිටත්ව යාමට පෙර සේනාංකාධිපතිතුමන් විසින් ඔවුන් වෙත සිය සුභ පැතුම් පිරිනමනු ලැබීය. Best jordan Sneakers | Men’s shoes