06th January 2019 23:05:54 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රිකයේ පිහිටි ඉරබැද්ද විද්‍යාලය, රාහුපොල විද්‍යාලය සහ බලතොට ඇල්ල විද්‍යාලයන් හි අඩු ආදායම්ලාභි පවුල් වල ජිවත්වන සිසු සිසුවියන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පොත් කට්ටල 200 ක් මධ්‍යම ආරක්‍ෂක සේනා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය ඇතිව සෙනසුරාදා (05) දින පරිත්‍යාග කරනු ලැබීය.
අධ්‍යාපන දෙපාර්තමේන්තු බලධාරින් සහ එම ප්‍රදේශයේ පාසැල් විදුහල්පතිවරුන්ගේ සහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම පාසල් තුන තෝරාගත් අතර, කැප්පෙටිපොල ඉරබැද්ද විද්‍යාලයේ දී පැවැත්වු මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්.එම්.පි.ජේ රත්නායක සහභාගිවිය. Sportswear free shipping | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth