01st January 2019 18:35:56 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් අඛණ්ඩව 6 වන වරටත් සංවිධානය කරනු ලැබූ 'පාබල මේලා - 2018’මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දෙසැම්බර් මස 28 සහ 29 යන දෙදින පුරා හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වු අතර, එම ප්‍රසංගය නැරඹීම සඳහා දහස් ගණනක් පිරිස එක්විය.
රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ අධීක්‍ෂණය යටතේ තුවාල ලැබු පාබල හමුදා රණවිරුවන්ගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් සෑම වසරකම පවත්වනු ලබන වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව දකුණු ලක අසිරිය මැව් පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙලිය "සන්ෆ්ලවර්ස්" සහ "සීදූව සකුරා" සංගීත කණ්ඩායම් හි සංගීතය සමගින් විනෝදජනක ක්‍රීඩා හා ළමා ක්‍රීඩා ඇතුළු විවිධ ප්‍රාසාංගික අත්දැකිම් සමගින් දින දෙකක් පුරාවට පැවැත්විය.
පළමු දිනය (28) ප්‍රධාන ආරාධිතයන් ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සපැමිණි අතර, දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පැමිණියහ.
මෙම අවස්ථාවේදි ආබාධිත පුද්ගලයන් 5 දෙනෙකු සඳහා නව රෝද පුටු ප්‍රදානය කල අතර පාබල හමුදාවේ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා අඩක් නිමකොට ඇති නිවාසවල ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් මුදල් ප්‍රදානය කරනු ලැබීය. තවද මෙහිදි වටිනා තිළිණ කීපයක් ද ප්‍රදානය කරනු ලැබීය.
මෙවර පාබල මේලා වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය දිනුම් ඇදිම්, සර්කස් සංදර්ශන, ඉලක්කයට විදීම, පිරික්සුන් පහන් සංදර්ශන, වාහන එකලස්කිරීම, පාබල සංදර්ශන, යතුරුපැදි සංදර්ශන ආදී අංගයන්ගෙන් සමන්විත වූ අතර, මෙම සංදර්ශනයන් නැරඹීම සඳහා දහස් ගණනක් නරඹන්නන් ඉතා උද්යෝගයෙන් එක්ව සිටියහ.
මෙම අවස්ථාව සඳහා හිටපු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි, පාබල හමුදා සේවා වනිතා ශාඛවේ සභාපතිනි තුෂාරි කුලතුංග මැතිනිය, ගායක ගායිකාවන්, රංගන ශිල්පීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පරිත්‍යාගශිලින් ඇතුළු ප්‍රාදේශවාසීන් විශාල පිරිසක් එක්වූහ. Authentic Nike Sneakers | Men’s shoes