Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:15:31 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 66 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 171 ක් විසිරයයි

මාඳුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 66 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරීන් 7 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 164 ක් සඳුදා (24) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ලදි.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.එම්. මුදලිගේ සහභාගි විය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර නිලධාරීයාට හිමි සම්මානය 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන් ඩබ්ලිව්.එම්.සී.ඩබ්ලිව්. වීරසිංහ හිමිකරගත් අතර පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර සෙබලා මෙන්ම දක්‍ෂතම වෙඩික්කරු ලෙස 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඒ.ඩබ්ලිව්.එස්. රංජිත් කුමාර සම්මාන හිමිකරගත්හ. පාඨමාලාවේ හොඳම පෙළ ලෙස 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ පෙළ තේරීපත්විය. Running sports | Sneakers